ප්‍රේම සූත්‍ර | Premas Sutra
10 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ප්‍රේම සූත්‍ර | Premas Sutra
ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන්ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි. එදා සිටම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියාය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නාය. ආවර්ජනාත්මක සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කර ගන්නට ඇය සෑම විටම යත්න දැරුවාය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබා දී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියා ය. අතීත සහවාසයේදී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකටය. එය ද ශාරීරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම් වලින් පිරී පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.
About the Book
| Book Name | : | ප්‍රේම සූත්‍ර | Premas Sutra |
| Author | : | චූලාභය ශාන්ත කුමාර හේරත් | Chulabhaya Shantha Kumara Herath |
| Translater | : | |
| ISBN | : | 9786242041162 |
| Publisher | : | සුරස ප්‍රකාශකයෝ | Surasa Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.