Blog
දෛවයේ නර්තනය | Daiwaye Narthanaya
දෛවයේ නර්තනය
ඇතැම් නර්ථන සංගීතයෙන් ඇරඹෙයි. ඇතැම් නර්ථන මතකයකින්. තවත් සමහර නර්ථන අවසන් වන්නේ කිසිදා නොමැකෙන හැඟීමකින්.
පළමු නර්ථනය
පළමුපෙම · අහිමිවීම · වේදනාව
“මට වෙන කවුරුත් ඕන නෑ දෙයියනේ… ඔයාට මට ඉස්සර වගේ ආදරෙන් ඉන්න පුළුවන් නම් මට ඒ ඇති. මන් ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්නම්”
“ආයේ අපිට එහෙම ඉන්න බැරි වෙයි”
“කවුද මගේ සුදු අයියව වෙනස් කරේ… කවුද මගේ සුදු අයියගේ හිත වෙනස් කරේ… කවුද මගේ ආදරේ මගෙන් උඳුර ගත්තේ… කවුද මගේ සැනසීම මට නැති කරේ”
“ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න එපා චූටි. මන් ඉන්නේ ළඟ”
“ලඟ නෑ සුදු අයියේ… ඔයා මගේ සුදු අයියා නෙමෙයි. මගේ සුදු අයියා මාව මෙහෙම රිද්දුවේ නෑ”
මෙතුම් අඬනවා, කෑ ගහනවා, අහිමි වෙන්න යන තමන්ගේ ප්‍රේමය රැකගන්න සටන් කරන්න උත්සාහ හරි කරනවා.
“හොඳ ළමයා වගේ ගෙදර යන්න”
දෙවන නර්ථනය
ප්‍රෝඩාව · සැකය · හානිය
“මට ගෙදර යන්න ඕනේ”
“අපි ආව විතරනේ.. ම්ම්.”
“මේ සද්දෙට මගේ ඔළුව කකියනවා. ඔයා යාළුවෝ එක්ක ඉඳල එන්න එහෙනම්. මන් තනියම යන්නම්”
“ඉන්න එහෙනම් මන් ගිහින් ඇරලවන්න. මෙතනම ඉන්න මන් රෙස්ට් රූම් පැත්තට ගිහින් එන්නම්”
“හා”
“මන් එනකන් මේක බොන්න බබා.”
Bartender රෙඩි කරපු ග්ලාස් එක තමන් ගාවට ලන් කරලා ශේන් සෙනඟ අතරේ නොපෙනී යන විදිය බලන් හිටිය මෙතුම් ග්ලාස් එක එයාගේ අතට ගන්නවත් එක්කම කවුරු හරි කෙනෙක් අතට ගහපු පාරට බීම එක මෙතුම්ගේ ඇඟ පුරා වැක්කෙරුණා.
“මොන?”
“මෙතනින් යනවා”
“ආහ්..”
“ජීවත් වෙන්න ඕනේ නම් දැන්ම මෙතනින් එළියට යනවා”
තෙවන නර්ථනය
ප්‍රේමය · බැඳීම · සමුදීම
“මගේ නනූ… මන් දන්නවා මගේ නනූගේ පණ හයියයි. මන් යන්න එපා කිව්වොත් මගේ නනූ හැමදාම මගේ ගාවම ඉඳියි.
ඒත් එපා මගේ දෙයියෝ… මගේවත් අම්මගෙවත් අපි කාගෙවත් උමනාවට මගේ කොල්ලා දුක් විඳින්න ඕන නෑ…
ඔය ශරීරේ අත ඇරලා යන්න නනූ… මේ ජීවිතේ අත ඇරලා යන්න… මන් තරහ නෑ නනූ… මාව දාලා ගියාට තරහ වෙන්නෑ.
මගේ කොල්ලා ආයේ ඉපදෙන්නකෝ… මන් මැරෙනකන් මගේ කොල්ලට පිං දෙන්නම්. ආයේ ඉපදිලා මන් ගාවට එන්නකෝ නනූ…
මාත් එක්ක ජීවිත කාලයක්ම ඉන්න මාව හොයාගෙන එන්න නනූ… දැන් මගේ හොඳ පැටියා… සුදු මහත්තයා කියන දේ අහනවනේ මගේ නනූ… මගේ නනූ යන්න… මන් තරහ නෑ… මන් ආදරෙයි…”
සිව්වන නර්ථනය
කතාබහ · නොකියූ හැඟීම් · සමීපත්වය
“අයියේ..”
මෙතුම් දෙව්දූ දෙන්න හිටියේ ආයේ ගෙදර එන ගමන්.
“අයියේ මට ඔයා එක්ක කතා කරන්න ඕනේ..”
“කියන්න දෙව්දූ..”
“වාහනේ නවත්තන්නකෝ අයියේ… ගෙදර යන්න කලින් කියන්න ඕනේ..”
“ම්ම්..”
දෙව්දූගේ වචනෙට එකඟ වෙලා වාහනේ පාර අයිනෙන් නවත්තපු මෙතුම් දෙව්දූ දිහාවට හැරුණා.
“කියන්න”
“අයියේ..”
“කියන්න දෙව්දූ..”
“ඔයා අමුතුයි අයියේ… ඔයා වෙන බෝයිෆ්රෙලා වගේ නෙමෙයි”
අවසන් නර්ථනය
ආදරය · හිමිවීම · සැනසීම
“අර ගෑණු ළමයා කවුද?”
“ම්ම්… මම බඳින්න හිටිය කෙනා”
“හිටිය කෙනා?”
“ඔව්. අම්මා ගෙනාව ප්‍රපෝසල් එකක්. අම්මව බලාගන්න කෙනෙක් ඕමනාවටයි මම කැමති වුණේ. ඒත්.. දැ..න්.. දැ..න්.. මොක..ට..ද..?”
මෙච්චර වෙලා මෙතුම්ගේ කෙස් ගස් අතර එහෙ මෙහෙ යන ගමන් ඔළුව සම්බාහනය කරපු ඔවීන්ගේ ඇඟිලි ඊළඟ මොහොතේ මෙතුම්ගේ කම්මුල් පෙඟුව කඳුළු පිහිදැම්මා.
“අපි පස්සේ මේ දේවල් ගැන කතා කරමු. දැන් ටික වෙලාවක් රෙස්ට් එකේ ඉමු”
“අයියා විතරද ආවේ? අක්කයි බබයි ආවෙ නැද්ද?”
“මන් විතරයි ආවේ”
“අයියා ආයේ කවද්ද යන්නේ? ඉක්මණටම යනවද?”
“ආයේ යන දවස තීරණේ කරන්නේ මම නෙමෙයි ආචී. අපි බලමුකෝ… දැන් මගේ හොඳ ළමයා වගේ ඇස් දෙක පියාගන්න”
ඔවීන් කියද්දි මෙතුම් ඇස් දෙක පියාගත්තා. ඔවීන් කියන්නේ මෙතුම්ට මේ මොහොතේ අවශ්‍යම වෙලා හිටිය කෙනෙක් නෙමේ දෙයක්. ඔවීන්ගේ පැමිණීමක් ගැන මෙතුම්ට කිසිම අපේක්ෂාවක් නැති වුණත් මේ වගේ සැනසීමක් කාගෙන් හරි ලබන්න මෙතුම්ට සෑහෙන ඕන වෙලයි තිබුණේ.