කළු පාලම | Kalu Palama
5 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කළු පාලම | Kalu Palama
ශ්‍රී ලාංකේය සාහිත්‍ය තුළ රහස් පරික්ෂක නවකතා සම්ප්‍රදාය ආරම්භ වූයේ 1918 නිර්මාණය වූ පියදාස සිරිසේනයන්ගේ ඩිංගිරි මැණිකා රහස් පරීක්ෂක නවකතාව තුළිනි. ඉන් පසුව 1943 දී ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ ජූලි හත, රිදී හවඩිය තුළින් මෙම ශානරය ඉදිරියට ගෙන යාමට දායක විය. රහස් පරීක්ෂක නවකතා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙසද මෙම කාලය හැදින්විය හැකිය.
ඉන් පසු ඩීමන් ආනන්ද, චන්ද්‍රසේන සිල්වා, කේ. ලයනල් පෙරේරා, වැලිහිඳ මුගිරත්න, පී. ඩබ්ලිව්. ගොඩකුඹුර වැනි ලේඛකයන් මෙම ශානරය තව දුරටත් ඉදිරියට රැගෙන ආහ.
වර්තමානයේ මෙම ක්ෂේත්‍රය තව දුරටත් ඉහළට ඔසවා තබන ලේඛකයෙකු ලෙස ඩී. එම්. අනුර දිසානායක මහතා අපට හඳුනා ගත හැකිය. ඔහුගේ බස් වහර සුමටය. වේගවත්ය. අර්ථවත්ය. රහස් පරීක්ෂක කෘතියක්
නිර්මාණය සඳහා අවැසි භාෂාව ඔහු සතුය. අනුර දිසානායකයන්ගේ පෑන් තුඩින් බිහි වූ ඉන්ස්පෙක්ටර් රොමේෂ් කටුලන්ද චරිතය බටහිර සාහිත්‍ය තුළ එන ෂර්ලොක් හෝම්ස් චරිතය තරමටම සජීවී ලෙස වර්තමාන සිංහල පාඨකයා අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඉදිරියටත් එකිනෙකට වෙනස් සේවාවන් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කරමින් නවකතා ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි!
About the Book
| Book Name | : | කළු පාලම | Kalu Palama |
| Author | : | ඩී එම් අනුර දිසානායක | D. M. Anura Dissanayaka |
| Translater | : | |
| ISBN | : | 9786245829019 |
| Publisher | : | දිනිස ප්‍රකාශන | Dinisa Publication |
| Pages | : | 415 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.