කූනිය කින්නි | Kuniya Kinni
47 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කූනිය කින්නි | Kuniya Kinni
නූතන සිංහල නවකථා කලාව තරුණ ලේඛිකාවක් අතින් අර්ථ සම්පන්නව වර්ණවත් ව්‍න අන්දම ප්‍රශංසනීය වේ. තරුණියක, පෙම්වතියක, බිරිඳක ඇතැම් විට මිත්තණියක ලෙස අත්විඳින ජීවන සත්තාපයන් ලේඛකයෙකුට වඩා ගැඹුරින් හා නිර්ව්‍යාජව ලේඛිකාවකට නිරූපණය කළ හැකිය යන්න මගේ විශ්වාසයි. ඒ බව සපථ කරන්නට දිල්රුහා සෙව්වහ්දි විසින් නිර්මාණය කරන ලද ‘කුනිය කින්නි’ නවකථාව මනා වූ නිදසුනකි. කතුවරිය නූතන ගැහැනිය විෂයෙහි සංකීර්ණ ජීවන යථාවක් අතීතය තුළ ඇති ජනශ්‍රැති, ජන ප්‍රවාද ඔස්සේ පරිකල්පනය කර ඇති අන්දම රමණීය වේ. ස්ත්‍රිය විෂයෙහි සභාතන, එහෙත් අදෘශ්‍යමාන ගොරබිරම් සැබෑවක් කතුවරිය සිය වියමනෙන් පාඨකයා අබිමුවට පත් කරත්තේ අනුවේදනීය හැඟීම් ඔස්සේ සහකම්පනයක් ඇති කරමිනි. කතුවරිය චරිත නිරූපණයේදී දක්වන සමත්කම හේතූවෙන් ස්ත්‍රී – පුරුෂ භේදයකින් තොරව; පොදු පාඨකයා මනුෂ්‍යත්වය සම්බන්ධ ජීවිතාවබෝධයක් ලබයි. කතාවේ සංදර්භය හා රචනා රීතිය අභිමත අන්දමට ගොඩනගා ගැනීමට කල්පණාකරී වීම නවකථාව කියවීමෙන් පාඨකයා අත්විඳින ආස්වාදය තීව්‍ර කරයි. අතිශයින් සංකීර්ණ ජීවන කලාපයක් වෙන පාඨකයා කැඳවාගෙන යන කතුවරිය අවසන පාඨකයා සසල කරමින් නෙතට කඳුළක් නංවයි. දිල්රුහා මේ නවකථාවෙන් ස්වකීය ප්‍රතිභානය පමණක් නොව ජීවන දෘෂ්ටියද විදහා පෑමට සමත්ව සිටින අන්දම ප්‍රශංසනීය බව නොවළහා පවසනු කැමැත්තෙමි.
About the Book
| Book Name | : | කූනිය කින්නි | Kuniya Kinni |
| Author | : | දිල්රුභා සෙව්වන්දි | Dilrubha Sewwandi |
| Translater | : | |
| ISBN | : | 9786244889007 |
| Publisher | : | සිත් අහස ප්‍රකාශන | Sith Ahasa Publishers |
| Pages | : | 224 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.