නූරි | Noori
5 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
නූරි | Noori
මේ යුගය, බොහෝ කවි කිවිඳියන් සිය කවිය අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ජනගත කරන බව පෙනෙන්නට වෙතත්, මුද්‍රිත කවි පොතක් මගින් සිය කවි රසිකයාට පත් කරන්නට දක්වන උද්යෝගය කැපී පෙනෙයි. කවි පොතක් යනු ඉතා වටිනා සංස්කෘතික දායාදයකි. එපමණක් නොව, මේ සංකීර්ණ සමාජ ව්‍යුහය තුළ යොවුනකු කවියක් ලියන්නට කල්පනා කිරීම ම ප්රහර්ෂ දනවන්නකි.
ඒ හෙයින් ම මෙසේ නව කවි පොත් බිහි වීම සිතට මහත් සතුටක් ගෙන ඒමට එහා ගිය දැඩි සමාජ සංස්කෘතික වටිනාකමක් සහිත දෙයක් බවට පත්වෙයි..
තිළිණි උත්තරා අපූරු කවි සිතැත්තියක් බව ඇගේ කවියෙන් පෙනෙයි. සම්ප්‍රදායික ඡන්දස් ආදිය අනුව ලියන්නට වැඩි උනන්දුවක් දැක්වුවද, ඇගේ නිදහස් කවි ද අපූරු නවතාවකින් යුතුව කැපී පෙනෙයි.
නව කවි සංකල්පනා ආදිය කෙරෙහි ඇය දක්වන උනන්දුව අගය කළ යුතු වෙයි. ජීවිතේ’ කවියෙහි මාතෘකාව යොදා ඇති සැටි ම මහත් අර්ථ දනවයි. මගේ පරිප්පුව, planaria වැනි කවි වල නිදහස් බව, විශේෂයෙන් ම ආකෘතික ලක්ෂණ ආදිය කැපී පෙනෙයි. ‘මේක ඇහි පිහාටුවක කතාවක්’ නැමති කවිය මා සිත් ගන්නේ ආයාසයෙන් තොරව බස ඇසිරවීම නැමති ගුණය සිහිකරමින් ය. මෙහි චීන බොහෝ කවි හෙට දවසේ බොහෝ දෙන මුවග රැව් දෙනු ඇතැයි මම විශ්වාස කරමි. ප්‍රතිභාව මූලික ව සෑම සාහිත්‍යය ප්රයත්නයක් ම ඔස්සේ බිහිවන තිළිණිගේ කවිය නිරන්තර අභ්‍යාස ඔස්සේ වැඩෙමින් වැවෙමින් අනාගතයේ කවි අඹර ඉහළින් ම වැජඹේවා යි යන්න අපගේ සුහද පැතුමයි..
About the Book
| Book Name | : | නූරි | Noori |
| Author | : | තිළිණි උත්තරා ද සිල්වා | Thilini Uththara De Silva |
| Translater | : | |
| ISBN | : | 9786249261402 |
| Publisher | : | කර්තෘ ප්‍රකාශන |Self Published |
| Pages | : | 104 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.