ඇය නැතුව ඇය සමඟ | eya nethuwa eya samaga
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මං ආසම ගෝල්ඩන්ග් හවර් එක මට දේදුන්නකුත්, මාෂ්මෙලෝව් වළාකුළුත් පෙන්නන ගමන් මං ඉන්න තැනින් පහළ පාරේ හරිම හුරතල් සුදු පාට එළු පැටියෙක් එක්ක ස්ට්‍රෝබෙරි කූඩයකුත් අරන් උඩහට ඇවිදන් යන ලස්සන නිදහස් ගැහැනු ළමයෙකුත් මට පෙන්නුවා.
ඇය සෞන්දර්යාත්මක චිත්‍රයක් වගේ. රතු පාට රෙදි පටියකින් ඇය ඇයගේ දිග ම දිග මුදුවන් කැරළි කොණ්ඩය පෝනිටේල් ලෙස බැඳලා තිබුණා. හිරු රැස් හින්දා ඒ කැරළි කොණ්ඩය තඹ පාටයි. සුළඟට අග්ගිස්ස අකීකරුයි. සමේ වර්ණය මං හිතන්නේ ඒ වෙලාවේ පරිසරයේ තිබුණු පාටට එකතු වෙලා තිබුණේ. ඇය සුදුම සුදු ගැහැනු ළමයෙකු නොව. කළුත් නොව.එහෙත් සිනමන් පැහැයට වඩා නම් පාටයි.
ලොකු ම පුදුමය මේ රත්තරන් පැයේ ඇය ඇඳන් හිටිය ගවුමත් කහ පාට වීම. ඒක සුදු පාට ඩේසි මල් මෝස්තරයක් එක්ක එන දෙපතුලට ම දිග ප්ලේන් ගවුමක්. මට මතකයි බිත්තියේ රාමු කරලා තියෙන අම්මගේ පිංතූරෙ අම්මා ඇඳන් ඉන්නෙත් ඔය වගේම ගවුමක්. හැබැයි ඩේසි වෙනුවට රෝස තිබුණේ. ඇය ගවුමට උඩින් සීතල නිසා දාන් ඉන්න රතු පාට වූල් කබාය.. ඒ කොණ්ඩේ මෝස්තරය, වන වන යන වේවැල් කූඩය.. තනිකර ඇය සුරංගනා ලෝකෙක ජීවත් වෙන වින්ටේජ් තේමාවේ ගෑනු ළමයෙක් වගේ. අර සුදු පාට එළු පැටියාත් ඒ කෙල්ල එක්ක ගියේ පුදුමාකාර සතුටකින් උඩ පැන පැන. මං හිතන්නේ ඔවුන් යහලුවන් විය යුතුයි.
ඇය, මන්දාරා කෝංගහවත්ත
උපුටා ගැනීම- ඇය නැතුව ඇය සමඟ නවකතාව
About the Book

Sherin perera –
ඇත්තමයි හරිම ලස්සනයි. අන්තිමට ලොකු දුකක් දැනුණා 🥹.
Forget Me Not 🌸