පායල් | Paayal
3 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
පායල් | Paayal
වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පසුවී හෝරාවකි. පායල්ගේ කුටියට ආගන්තුකයෙක් පිවිසියේය. රුවැත්තිය යහන මත නොමැති බැව් පෙනිණි. කුටිය තුළ එහෙ මෙහෙ යවන දුඹුරු දෑස් වලට විසල් කවුලුව අසළ නිදා සිටින්නී හසුවිණි. කිසිඳු හඬක් නොනැගෙන අයුරින් ඔහු යුවතියට ළංවී ඇයට මුහුණලා වාඩි ගත්තේය. ඔහු වැලමිටින් කවුලු පඩියට බරවී හිස අත්ලට බර කරගෙන ඈ දෙස බලා සිටියේය.
කවුලුවෙන් විනිවිද ගලනා සඳ එළිය ඇගේ පිරුණු වත සිඹියි. කවුලු දොර හරිහැටි වසා නොමැති බව හිඩැස් අතරින් රිංගාවිත් යුවතියගේ කෙස් රොදක් හා දඟ කරනා පවන් රැල්ලක් කියයි. ඒ අපූරු දසුන ඔහු දෑස් නිවාලන නමුත් සිතත් ගතත් උණුසුම් කරයි. සඳවතිය ඇහැරෙන්නට වුවමනා නමුත් ලෝඛය. ඔහු ඇගේ වතට වැටී ඇති කෙස් රොද සෙමින් පසෙකට තල්ලුකොට ඇගේ කොපුලට නැමී සිප ගත්තේය. උණුසුම් ස්පර්ශයෙන් අවදි වූ පායල් කවුරුන් හෝ තමා අසළ බව දැනී ගැස්සී කෙලින් වූවාය. ඉතින් ඔහු මෙතැන සිටින්නේ කෙසේද? දෑස් විසල් කරගෙන ඕ වටපිට බැලුවේ සිහිනයක් දකින්නේ දැයි සැකයෙනි.
”රජතුමනි?”
ඔහු දෑසින් සිනාසිනි.
”රජතුමනි? ඔබ? ඇයි ඔබ මෙතැන?”
රජතුමා දෑස් සිහින්කර තරවටුවක් පෑවේය.
About the Book
| Book Name | : | පායල් | Paayal |
| Author | : | යසන්දි අතපත්තු | Yasandi Athapaththu |
| Translater | : | |
| ISBN | : | 9786246596408 |
| Publisher | : | නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications |
| Pages | : | 703 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.